වෛද්‍ය පීඨ මාපියන්ගේ විරෝධය කොළඹට

වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මාපිය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(28) දහවල් කොළඹදී පැවැත්වේ.

විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරුනු උද්ඝෝෂණයකින් පසුව ඔවුහු පාගමනින් කොළඹ කොටුව දක්වා ගමන් කිරීමටත් එහිදී සත්‍යග්‍රහයක් ද පැවැත්වේ.

මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදයේ විරෝධතා උද්ඝෝෂනය, සත්‍යග්‍රහය සහ විරෝධතා පාගමන තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් අද ප්‍රතික්ෂේප කරණ ලදී.

Leave a Reply