වකුගඩු ජාවාරමට අදාල මූලිකයන් නිරුපද්‍රිතව සිටියදී ජාවාරම්කරුවන් ලෙස හදුන්වමින් අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් බාරයේ සිටිය දී පලා යාමට තැත්කළ ඉන්දිය තරුණයන්ට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය මගින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී චෝදනා ගොනු කර තිබේ.
වලංගු වීසා නොමැතිව ශ්‍රි ලංකාවේ රැදී සිටි බවට මෙසේ චෝදනා කර ඇත්තේ සහ වකුගඩු ජාවාරමේ සැකකරුවන් ලෙස විවිධ අවස්ථාවල ජනමාධ්‍ය ඔස්සේ චෝදනා කරන්නේ විවිධ ආර්ථික අපහසුතා නිසා මෙරටට පැමිණ වකුගඩු විකිනූ තරුණයන්ට එරෙහිවය. රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් පස්දෙනාටද එක් අයකුට නඩු දෙක බැගින් නඩු 10 ක්ද පැන ගිය සැකකරුවන් තිදෙනාට එක් අයකුට නඩු දෙක බැගින් නඩු හයක්ද පැවරිණි. දැනට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පස්දෙනා පෙබරවාරි 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 27වැනිදා නියෝග කළේය.
කෙසේවෙතත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වලට සම්බන්ධ වෙමින් වෛද්‍යවරුන් හා දේශපාලන හෙංචයියන් ඔස්සේ ගෙන ගිය මෙම වකුගඩු ජාවාරමෙන් කෝටි ගනන් මුද් ඉපයූවන් නීතිය ඉදිරියට ගෙන එන්නට බලධාරින් තවමත් සමත්ව නැත.

Save