ලක්ෂ 120ට විකුණන උපාධිය පිළිගනු !- වෛද්‍ය සභාවට අධිකරණ නියෝගයක්!

ලක්ෂ 120ට වෛද්‍ය උපාධි ලබාගන්නට අවස්ථාව සලසන මාලබේ පෞද්ගලික ආයතනයේ (සයිටම්) සිසුන් වෛද්‍ය වෘත්තිකයන් ලෙසශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස අද (31) දින අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී.

එම ආයතනයෙන් උපාධි පාඨමාලා හදාරනු ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් අයදුම්පතක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් අද මෙම නියෝගය සිදුකර ඇත.  ඒ අනුව දිවයින පුරා වෛද්‍ය සිසුන් ප්‍රමුඛ ශිෂ්‍ය වයාපාරය හා මවුපියන් ඇතුලු සමාජ ක්‍රියාකාරිකයන් විසින් අධ්‍යාපනය විකිණීම නවත්වන ලෙස ආණ්ඩුවෙන් කළ බලවත් උද්ඝෝෂණය අවතක්සේරු කරමින් සයිටම් උපාධි කඩය නීතිගත කිරීමේ පියවරක් ඉදිරියට ගෙන යන්නට මෙම අධිකරණ නියෝගය සමත් වී ඇත. මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසුන් විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කරනු ලැබ තිබුණු මෙම පෙත්සම විභාගයට ගනිමින් අද දින මෙම නියෝගය සිදුකරන ලද්දේ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල විසිනි.

.

 

Leave a Reply