රියෝ 2016 ‘ඔලිම්පික්‘ සදහා ලංකා ක්‍රීඩකයෝ සූදානම් වෙති

2016.07.22 lankan olympic team

මෙවර ඔලිම්පික් තරග සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ලබන අගොස්තු මස 05 වැනි දින ආරම්භවීමට නියමිත 2016 ඔලිම්පික් උළෙළ බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නුවරදී පැවත්වේ. රියෝ ඔලිම්ලික් උලෙළ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුට ඔලිම්පික් වරම් හිමිව ඇත.මෙවර කණ්ඩාමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා මැරතන් ශූර ඉන්ද්‍රජිත් කුරේය.කාන්තා මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ගීතානි රාජසේකරද, හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් සුමේද රණසිංහද, බැඩ්මින්ටන් කේවල ඉසව්ව නියෝජනය කරමින් නිලූක කරුණාරත්නද, ජූඩෝ ඉසව්ව සඳහා චාමර ධර්මවර්ධනද, බර ඉසිලීමේ ඉසව්ව සඳහා සුදේස් පීරිස්ද, පිහිනුම් ඉසව්ව සඳහා මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම්ද ඔවුන් දෙදෙනාම මේ වනවිට විදෙස් ගතව සිය පුහුණුවීම්වල නිරතවෙයි, ඉලක්කයට වෙඩි තැබීම ඉසව්ව සඳහා මංගල සමරකෝන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා ඇත.

මෙවර ඔලිම්ලික් උලෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයක් ඊයේ ඔලිම්පික් නිවහනේදී පැවැතිවිනි. එම අවස්ථාවට මෙරට වෙසෙන බ්‍රසීල තානාපතිනියද සහභාගී වූවාය.

Leave a Reply