මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ‘සත්හඬ‘ පුවත්පතේ නියෝජ්‍ය කතෘ ප්‍රභාත් වීරරත්නට අවමන් කරමින් හැසිරීම පිළිබද ජනමාධ්‍යවේදින් අතර අප්‍රසාදය පළ වී ඇත.
ඊයේ (2) අගමැති මැදුරේදී ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා කතුවරුන් උදෙසා නව වසර සදහා කිරිබත් සාදයක් පැවැත්වෙද්දී, මුදල් ඇමැතිවරයා විසින් ඔහුට පවසා ඇත්තේ ‘තුප්පහි පත්තරේ – දානව ඔක්කොම හිරේ’ යනුවෙනි. මුදල් ඇමති රවි කරුණානනායක මෙසේ ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ, ලංවා වානේ සමාගමට පමනක් අදාල නොවන පරිදි පසුගිය කාලයේ දී බදු පැනවීම සිදුකර තිබීම සම්බන්ධයෙන් සත්හඬ පුවත්පතේ පළ වූ ලිපියකි. එසේම එම පුවත්පත ප්‍රචාරයට සතිපතා අලවනු ලබන පෝස්ටරයේ මුදල් ඇමැතිවරයා සම්බන්ධයෙන් පිටුවක් පුරා දීර්ඝ හෙළිදරව්වක් පලවී තිබීමද ඔහුගේ අප්‍රසාදයට හේතුව වී ඇති බව දැනගන්නට ඇත.