මෛත්‍රී-මහින්ද දෙපිළ සමගිවන ලකුණු!

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල හා මහින්ද වටා සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අතර ඉක්මනින්ම සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් පිළිබද දේශපාලන අංශවල අවධානයට ලක් ව ඇත.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝග දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පසුගියදා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් දේශපාලනික වර්දනයන් හා ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව හෙළි විය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවට දෙපාර්ශ්වයේම අදහස විය. මැතිවරන කාලයකදී බෙදී වෙන්වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගනු ඇති බව  පැහැදිලිය. කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන ඉදිරි පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි ඉඩක් හිමිකරගතයුතු බව ද  නිදහස් පක්ෂ නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබේ.

Leave a Reply