මෛත්‍රීපාලගේ ඒකාධිපතිභාවය ගැන කියන්න ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අද මහින්ද හමුවට

maithripala-Mahinda

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් ඇතුළුව තවත් පිරිසක් අද (16) දින එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ. මෙම හමුව තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදුකිරීමට නියමිතය.
කුමාර වෙල්ගම, එස්. එම්. චන්ද්‍රෙස්න, නිර්මල කොතලාවල හා සාලින්ද දිසානායක යන මත්ත්‍රීවරුන් ඇතුළත්ව මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මේ සදහා සහභාගීවීමට නියමිතය.
ශ්‍රීලනිප ශ්‍රීලනිප සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මධ්‍යම කාරක සභාවෙන් මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් යතයුතු ක්‍රියාමාර්ග ගැනද මෙහිදී යම් තීරණයකට එළඹීමටද බලාපොරොත්තු වන බවද වාර්තා වේ.
මෙම හමුව සදහා අද උදෑසන 10.30 ට පමණ හිටපු ජනාධිපතිවරයාගේ වෙලාව වෙන් කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply