රුවන්වැල්ල බෝගල පතලේ කම්කරුවන් 07 දෙනකු නෙරපා හැරීමට කලමනාකාරිත්වය තීරණය කිරිම නිසා පතලේ සේවකයන් අතර විරෝධයක් මතුව තිබේ.
මෙසේ සේවයෙන් නෙරපනු ලැබ ඇත්තේ වසරක පරිවාසක කාලයකට යටත්ව බදවාගෙන සිටි කම්කරුවන්ය. පතල් පරිපාලනය විසින් වසරක පරිවාස කාළය සම්පූර්ණ විමට දින (10)ක් පමණක් ඉතිරිව තිබියදී මෙසේ සේවකයන් සේවයෙන් ඉවත් කර ඇත.මෙම නීති විරෝධී තීරණයට එරෙහිව සාමුහික අරගලයකට සමස්ථ කම්කරුවන් පෙලගැසි සිටියෙදී බෝගල පතලේ අන්තර් සමාගමේ සේවක සංගමයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සටනට සහය දිය නොහැකි බවයි. ඔවුන් මෙසේ වෘත්තිය අයිතිවාසිකම් අහිමි කළ සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට මැලිකමක් දක්වන්නේ නෙරපා හළ සෙවකයන් 07දෙනා මෑතකදී බෝගල පතලේ සාමාජිකත්වය සමග සමුලුවක් පවත්වමින් ආරම්භ කළ කම්කරු අරගල සමිතියේ සමාජිකයන් විමයි.


