අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් පැවතේවූ සාකච්ඡාව තවත් දිනයකට කල්ගිය නිසා පසුව මධ්‍යමරාත්‍රියේ නියමිතව තිබූ බස් වර්ජනය අත්හැර දැමූ බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ පවසති.
ඉහළගිය බදු, අමතර කොටස්වල ඉහළ මිල ඇතුළු කාරණා ගණනාවක් සම්න්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් 15%ක බස් ගාස්තු ඉහළ නැංවීම අවශ්‍ය බව බස් සංගම් ඇතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති වන ගැමුණු විජේරත්න ආණ්ඩුව ඉදිරිපත් කළ 6%ක ගාස්තු වැඩි කිරීමට එකඟවී ඇත. මේ හේතුවෙන් බස් සංගම් නියෝජිතයන් අතර ආරවුල් තත්වයක් හටගෙන ඇත. කෙසේවෙතත් 6වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වී ඇති නිසා බස් සංගම් අතර අවසන් එකඟතාවයකට පැමිණෙන තුරු බස් වර්ජනය නතර කරන බවට බස් සංගම් අතර එකගතාවක් ඇති වී තිබේ.