පසුගිය සදුදා බර්ලින් සුපිරි වෙළද සංකීරණයට කඩා වැදුණු ට්රක් රථ ප්රහාරයේ වගකීම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම බාරගෙන ඇති බව වාර්තාවේ.
මෙම සුපිරි වෙළදසැලට ට්රක් රථයක් කඩා වැදීමට සැලැස්වීමෙන් පුද්ගයෝ 12 දෙනෙකෙු මියගොස් තවත් 48 දෙනෙකුට බරපතල තුවාල සිදු කෙරිනි.
ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම ඊයේ මෙම ප්රහාරයේ වගකීම තම සංවිධානය විසින් කළ බව පිළිගෙන තිබේ.
ජර්මන් රජය විසින් මෙම ප්රහාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ සරණාගතයකු ලෙස ජර්මනියට පැමිණි පකිස්තාන් ජාතික තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ප්රමාණවත් සක්ෂි නොමැති බව පවසමින් මුදා හැර තිබුනි.