පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නිල නිවාස වෙනුවට කොළඹින් නිවසක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ගෙවීමේ යෝජනාවක් පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් විය.
මන්ත්රීවරුන්ට කොළඹ අවටින් නිවසක් කුලියට ගැනීමට මෙවැනි දීමනාවක් ගෙවිය යුතු බවට යෝජනා වී ඇත්තේ මාදිවෙල පිහිටි මන්ත්රී නිල නිවාස පදිංචියට සුදුසු මට්ටමක නොමැති නිසා බව කියති.
නිල නිවාස නොමැති මැති ඇමතිවරුන් සඳහා රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී තීරණය කර තිබූණද ඊට විරෝධතා එල්ල විය. ඒ අනුව, එම දීමනාව මසකට රුපියල් 50,000 දක්වා අඩු කිරීමට සිදුවිය.
එසේම මන්ත්රීවරුන්ගේ කාර්යාල කුලිය මාසයකට රු.100,000 දක්වා වැඩි කිරීමට සහ පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව රු. 20,000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් ඇත. මීට අමතරව පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට පෙර විශේෂ ප්රකාශයක් කරමින් මන්ත්රීවරුන්ගේ වැටුප ඉහළ නැංවිය යුතු බව ප්රකාශයක් කළේය.