දකුණු කොරියානු ජනාධිපතිනියට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් එරට සොල් නුවර දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා රැලි පවත්වන්නට එරට විපක්ෂය හා ශීෂ්‍ය සංවිධාන පෙරමුණ ගෙන ඇතිය වාර්තාවේ.
ඊයේ පැවැති දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයට ලක්ෂ අටකට ආසන්න පිරිසක් සහභාගීව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ විරෝධතා දක්වා ජනාධිපතිනියට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට බල කරනු ලබන්නේ එරට රාජ්‍ය රහස් ඇයගේ කාර්යය මණ්ඩලයේ සේවයේ නියුත් මිතුරියක් සන්තකයේ තිබී එරට පොලීසිය විසින් සොයා ගැනීමෙන් පසුව මතුව ඇති ප්‍රශ්නයෙනි.
දකුණු කොරියානු ජනාධිපතිනිය වන පාක් ගුවෙන් හයිගේ යෙහෙළියක් වන චොයි සූන් සිල් ජනාධිපතිවරියගේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ගමන් එරට රාජ්‍ය රහස් ලබාගැනීමේ චෝදනාවට ලක්ව සිටී. ජනාධිපතිවරිය ඇයගේ යෙහෙළිව අරක්ෂා කිරීම හා ඇයට එම තොරතුරු ලබාදුන් බවට විපක්ෂය චෝදනා එල්ල කරයි.