තැපැල් වර්ජනය නිසා තැපැල් මලු ගොඩ ගැසේ – අද බලධාරින් සාකච්ඡාවක් දීලා!

දැනට ක්‍රියාත්මක තැපැල් වර්ජනය නිසා මධ්‍යම තැපැල් හුවමාරුව දක්වා තැපැල් මලු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ආරංචිමාර්ග අනුව මෙම වර්ජනය නිසා ලියුම් හා තැපැල් භාණ්ඩ ක්ෂ 12ක් පමණ ප්‍රමාද වනු ඇත. එසේ ප්‍රමාද වීම නිසා මින් ඉදිරියට පැමිණෙන දිනවලද තැපැල් සේවාවේ ප්‍රමාදයක් ඇතිවන්නට නියමිතය.  තැපැල් සේවක වර්ජනය අවසන් වුවද එම ප්‍රමාදවන තැපැල් කටයුතු සදහා කටයුතු කරන්න සිදුවන්නේ සේවයේ සිටින සේවකයන්ම වන බැවින්  සති කිහිපයක් දක්වා මෙම ප්‍රමාදය සිදුවනු ඇති බව තැපැල් සේවකයෝ පවසති.

19 වැනිදා මධ්‍යම රාත්‍රිෙය් සිට පැය 48ක් වැඩ වර්ජනය ක්‍රියාත්මක වූයේ වැටුප් විෂමකා ඇතුළු සිය ගැටලු විසදන්නට ආණ්ඩුවේ බලධාරින් කටයුතු කළ නිසා බව වෘත්තිය සමිති නියෝජිතයන්ගේ චෝදනාව විය. තැපැල් සේවක වර්ජනය සදහා හේතු වූ ගැටලු පිළිබද වගේ වගක් නැතිව සිටියද වැඩ වර්ජනයේ බලපෑම මත අද දින බලධාරින් විසින් වෘත්තිය සමිති නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබා දී ඇත. නිසි විසදුමක් නොලැබුණහොත් වර්ජනය ඉදිරියට ගෙන යන බවට කළ අනතුරු ඇගවීම නිසා මෙසේ සාකච්ඡාමය විසදුමකට එකග වූ බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

Leave a Reply