ජී.එස්.පී. ප්ලස් කොන්දේසි අඩු කරලා

2016-05-10gsp+

ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමය පනවා තිබූ කොන්දේසි අඩු කර තිබේ. මීට පෙර ඒ සඳහා කොන්දේසි 56ක් සැපිරිය යුතු යැයි යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට දැනුම් දී තිබිණි. දැන් එය 16 දක්වා අඩු කර ඇත. මුදල් ඇමැති රවි කරුණානායක පැවසුවේ ශ‍්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි. ඉදිරි මාස දෙක තුළ ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය දෙනු ඇත්ද යන්න සම්බන්ධයෙන් සිය ස්ථාවරය යුරෝපා සංගමය විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

Leave a Reply