සැප්තැම්බර් 18 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති, පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත් ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ජාතික සම්මාන උළෙලේ මහාපරිමාණ අංශයේ රන් සම්මානය ජිෆී පෞද්ගලික සමාගමට ලැබීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.
එම සමාගම මෙම සම්මානය 2012 වසරේ සිට නොකඩවා දිනාගෙන තිබේ. දැදුරු ඔයට නයිට්‍රේට වර්ග ඇතුළු වස වර්ග මිශ්‍ර කරන බවට ජිෆී සමාගමට චෝදනා එල්ලවූ අතර ජනරළ මේ පිලිබඳ අනාවරණ ගණනාවක් පල කරන ලදී.
නමුත් මේ වනවිට ඒ පිලිබඳ ලිවීම තහනම් කර ජනරළට එරෙහි අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. ජිෆී යනු කොහුබත් ආශ්‍රිත පොහොර නිෂ්පාදනය කරන නොර්වේ පදනම් කරගත් සමාගමකි.
මෙම සමාගම පරිසර නීති උල්ලංඝනය කරන සමාගමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය කලින් ලැයිස්තු ගත කර තිබෙන බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ