ජයලලිතාගේ මරණය සැකයිලු! – ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක්

තමිල්නාඩුවේ හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ මරණය සැක සහිත බවට කරුනු දක්වමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මාස දෙකක කාලයක් පුරා ජයලලිතා ඇපලෝ රෝහලේ නතර වී ප්‍රතිකාර ලැබූ බැවින් ඒ සම්බන්ධව ඇගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන කිසිවක් ප්‍රකාශයට පත්වී නොමැති බවත් එම පෙත්සම ඔස්සේ පෙන්වා දී ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා ජයලලිතා ප්‍රතිකාර ලැබීම රහසිගතව සිදු වූ බැවින් කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වී ඇති බව එම සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

එම පෙත්සම ඉදිරිපත් කළ තෙලිඟු ස්වශක්ති සංවිධානය විසින් තම මතයට සාධක ලෙස දක්වා ඇත්තේ ජයලලිතා ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබද්දී කිසිවකුටත් ඇය බැලීමට අවසර නොදීම, සහ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොවීම, ඇය දින ගණනකට පෙර මියගියාද යන සැකයක් ඉස්මතු වීම යන කරුනුය. ජයලලිතා මියයාමටත් මත්තනේ දෙසැම්බර් 6 වන දින සවස 5.30 ට ඇය මියගිය බවට ප්‍රචාරයක් සිදුවිය. ඥාතීන්ට රෝහල්ගතව සිටි ජයලලිතා බැලීමටවත් ඇගේ මිතුරිය වූ ශෂිකලා විසින් ඉඩනොදුන් බව ජයලලිතාගේ ඥාති දියණියක් වූ අම්රිතා ජනමාධ්‍ය හමුවේ පවසා තිබිණි.

එසේම තමිල්නාඩුවේ ප්‍රකට නළු ගම්නව් තාදිමල්ලා විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක්‌ යවමින් ජයලලිතාට ප්‍රතිකාර කිරීම හෙලිදරව් නොකරන්නට වගබලා ගන්නා ලෙස ඉල්ලුවේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බව ද එම පේතමෙන් පෙන්වා දී තිබේ. අවමංගල්‍ය කටයුතු සිදු කරන්නකු විසින් ජයලලිතාගේ නිකටේ සැකකටයුතු සළකුණක්‌ දක්නට තිබුණ බවක් පවසා ඇත.

Leave a Reply