චීන උප අගමැති බ්‍රිතාන්‍ය සංචාරයක

chainaweb

ද්විපාර්ශවීය සාකච්ඡා සදහා චීන උප අගමැති මා කායි මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටී.

බ්‍රිතාන්‍ය අගමැතිවරිය හා චීන උප අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී ඇය අවධාරණය කර ඇත්තේ තම රට චීනය සමග වන ඉදිරි සම්බන්ධතා ස්වර්ණමය යුගයක් කරා ගෙනයාමට සූදානම් බවයි.

පසුගියදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ලොව පුරා රටවල් සමග තම රට ද්විපාර්ශවීය සම්බන්ධතා දැඩිකිරීමට කටයුතු කළ බව තෙරේසා මේ එහිදී උප අගමැතිවරයට පවසා ඇත. ඒ අතර චීනය සමග වන සම්බන්ධතා ප්‍රමුඛ බවත් චීන උප අගමැතිවරයා හමුවීමේදී පවසා ඇතැයි වාර්තාවේ.

දෙරට අතරවන වෙළද හා ආයෝජන අවස්ථා දිරිමත් කිරීමත් දැනට මන්දගාමීව සිදුකරන ප්‍රංශ හා චීනයද සම්බන්ධ ආයෝජයක් වන නවීන පන්නයේ න්‍යෂ්ඨික බලාගාරයක් ගොඩනැගීමේ ආයෝජනය ගැනද චීන උප අගමැතිවරයාගේ විශේෂ අවධානයට ලක් ඇතැයි වාර්තාවේ.

Leave a Reply