හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ශ්‍රීලනිප අත්තනගල්ල ප්‍රධාන සංවිධායක ධුරය බාරගෙන ඇතැයි වාර්තාවේ. අත්තනගල්ල ආසන සංවිධායකධුරය පසුගිය වසර කිහිපයක සිට පුරප්පාඩුවී තිබුනි.
මේ පිළිබදව හිටපු ජනධිපතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන ජස්ටින් නවරත්ත විසින් අත්තනගල්ල සංඝබෝධි විද්‍යාලයේ පැවැති රැස්වීමකදී මේ බව පවසා ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ලෙස පත්වීමෙන් පසුව ශ්‍රීලනිප තනතුරු රැසක් වෙනස් කිරීමට කටයුතු කළ අතර මෙම පත්කිරීමද ශ්‍රීපනිපයේ ප්‍රතිසංවිධානවලම කොටසක් වන බව පෙනේ. ඊට අමතරව ඉදිරියේදී චන්ද්‍රිකා කුමාරණතුංග නැවත සක්‍රීය දේශපාලනයට පිවිසෙන බවට වන පූර්ව සංඥාවක් ලෙස පෙනේ.