මහින්ද රාජපක්ෂගේ සොයුරියක්ගේ නිවසේ ඉදිකිරීම් සදහා ‘මගනැගුම‘ යන්ත්‍රෝපකරණ භාවිත කරන බවට හෙළිදරව් කරමින් දෙනියාය නාථගල වතුයායේ ගවේශනාත්මක මාධ්‍යකරණයක යෙදුණු මාධ්‍යවේදින් තිදෙනා සම්බන්ධ නඩුවේ තීන්දුව පෙබරවාරි 8 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ශාලික විමලසේන, දයා නෙත්තසිංහ සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදීන් තිදෙනා 2009 සැප්තැම්බර් 2වැනිදා මෙසේ දෙනියායේ සිදුකළ ගවේශනයෙන් පසුව කොළඹ බලා යාමට සිටියදී දෙනියාය පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව කෙළඹින් ගිය ත්‍රස්ත විමර්ශන එක්කයේ ප්‍රශ්න කිරීමට ලක් වූහ. එයින් පසුව දින 7ක් කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ සිරගත කරන ලදී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව මාධ්‍යවේදීන් තිදෙනා අත්අඩංගුවට ගත් නමුත් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ සාමාන්‍ය නීතිය යටතේ අයුතු ඇතුළුවීමේ චෝදනාවටය. පසුව ඔවුන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව මෙසේ ලබා දීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (1) තීන්දු කළේය.