හවුල් ආණ්ඩුව විසින් 2015 ජූලි මසදී ස්විස් සිංගප්පූරු සමාගමට දෙනු ලැබූ ටෙන්ඩරයෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබියදී ජනවාරි මස තුළ ගල්අගුරු මිලදී ගැනීමකට අණවුම් කර ඇත.
අලුත්ම තොරතුරු අනුව, ජනවාරි මස 7වැනිදා අවසන්වන්නට නියමිත මිලදී ගැනීම් කාලසීමාව තුළ ගල්අගුරු ටොන් දසලක්ෂ 11ක් මිලදී ගැනීම සදහා ස්විස් සිංගප්පූරු සමාගමට අලුතින් ඇණවුමක් පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් ඉදිරිපත්කර තිබේ.
2015 ජූලි මසදී ඇතිකරගත් ගල්අගුරු ගනුදෙනු ගිවිසුම පිළිබද හෙළිව ඇති තොරතුරු අනුව සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 3.9කට වැඩි වේ. මෙම ගනුදෙනුව සදහා තීරණ ගැනීමේදී ඇමැති මන්ඩලයෙන් පත්කළ රජයේ මිලදී ගැනීම් කමිටුවට සිදුවූ දේශපාලන අතපෙවීම් හා බලකිරීම් හේතුවෙන් ඉහත පාඩුව සිදුවී ඇත.