ඊයේ පැවැති ඕස්ට්‍රේලියානු පාලක ලිබරල් පක්ෂයේ නායකත්වය සදහා පැවැති තරගයෙන් අගමැතිධුරය දැරූ ටෝනී ඇබොට් පරාජයවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිධුරයෙන් හා සිය පකෂ නායකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වීමට සිදුවිය.
තම ඉල්ලා අස්වීම එරට ආණ්ඩාකාරවරයාට බාරදී තිබෙන බව වාර්තාවේ. පාලක ලිබරල් පක්ෂයේ නව නායක ලෙස පත්ව ඇති මැල්කම් ටර්න්බුල් ඒ අනුව නව අගමැති ලෙස පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ පැවැති පාලක ලිබරල් පක්ෂයේ නායකයින් තොරාපත් කිරීමේ ඡන්ද විමසීමේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස එරට විදේශ ඇමැතිවරිය ලෙස කටයුතු කරන ජුලියා බිෂෝප් පත්ව තිබේ.
ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂය තුල ටෝනි ඇබොට් හා මැල්කම් ටර්න්බුල් අතර දිගුකාලයක සිට පක්ෂ නායකත්වය සදහා තරගරයක් පැවැතිනි. ඡන්ද විමසීමේදී ඡන්ද 54ක් ලබාගෙන මැල්කම් ටර්න්බූල් ටෝනි ඇබොට් වඩා වැඩි ඡන්ද 10 කින් ජය ලබාගෙන ඇත.