උදයංග වීරතුංගට වරෙන්තු නෑ

udayanga-m

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කරන ලෙස රහස් පොලිසිය කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔහු මේ වන විට අධිකරණය මග හරිමින් සිටියි.

අධිකරණය නියෝග කර තිබෙන්නේ විදේශ අමාත්‍යාංශය හරහා උදයංග වීරතුංගගේ යුක්රේනයේ පිහිටි නිවස වෙත සිතාසි බාර දෙන ලෙසයි.

මිග් ප‍්‍රහාරක යානා 4ක් මිල දී ගැනීමේදී ඩොලර් මිලියන 14ක මූල්‍ය වංචාවක් සිදු කරන ලද බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply