ඉන්දියානු පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මියයාම ඉහළට -හ්‍යුමන් රයිට් වොච්

ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන් අතරින් සිය ගණනක පිරික් සෑම වසරකම මියයන බවට හ්‍යුමන් රයිට් වොච් සංවිධානය නව වාර්තාවක් එළි දක්වමින් හෙළිකර ඇත.

ඉන්දීය අපරාධ නීතියට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන පැය 24ක් තුල වෛද්‍යවරයකු ලවා පරික්ෂාකර වාර්තාවක් ගෙන ඉන්පසුව මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුත්ව ඇතත් එම තත්වය ඉන්දීයානු පොලිසිය විසින් නිසි ලෙස ඉටු නොකරන බවට එකී වාර්තාව මගින් වැඩ්දුරටත් පෙන්වා දේ.

හ්‍යුමන් රයිට් වොච් සංවිධානය නිකුත් කර ඇති වාර්තාව වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර පහක කාලය තුල පමණක් ඉන්දීය පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 600 දෙනෙකුට වැඩිය පිරිසක් මියගොස් ඇති බවයි.

එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන මීනාක්ෂි ගංගුලි විසින් නව වාර්තාව පිළිදව අදහස් දක්වමින් පසුගියදා මේ බව හෙළි කලාය.

Leave a Reply