ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාවට ලබාදෙන්නට එකග වී ඇති අමෙරිකන් ඩොලර් මිලියන 115 ක ණය මුදලක් ලබාදීමට අදාළ ගිවිසුම්වලට එළඹීම අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග එම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ණය මුදල මගින් උතුරේ හා ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස්වලට විදුලිය සැපයීමට අපේක්ෂිතය. අමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් වැය වන එකී ව්‍යාපෘතිය සඳහා දේශීය වශයෙන් ද ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. ලංකාවේ විදුලිය අවශ්‍යතාව 100%ක් ම සම්පූර්ණ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම 106 සහ අඩු ධාරිතා රැහැන් කිලෝමීටර් 2,372ක ප්‍රමාණයක් සපයනු ලබයි.

