ආණ්ඩුවේ අවුරුදු දෙක ගැන ජවිපෙන් රෙකමදාරුවක්

ආණ්ඩුවක ගමන ගැන ඇගයීමට වසර දෙකක කාලයක් ප්‍රමාණවත් බවත් වත්මන් ආණ්ඩුව විසින් රට තවදුරටත් විනාශය කරා ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණ් නායකයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද(3) පැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් මේ බව පැවසීය.

“ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් ගෙවීයමින් තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක් සම්බන්ධ ඇගයීමක් සිදුකිරීමට වසර දෙකක කාලයක් ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. වසර දෙකක් ගතවෙමින් තිබෙන මේ ආණ්ඩුව පෙන්වමින් තිබෙන්නේ මේ රට ගමන් කරන විනාශය වැළැක්වීමට හෝ රට නව දිශාවකට යොමුකිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි, ඒ සඳහා සමත්කමක් නැති බවයි. මේ රට ගමන් කරමින් තිබෙන විනාශය වළක්වනවා වෙනුවට මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග පෙළ ගැසෙමින් තිබෙන්නේ, තවදුරටත් විනාශකාරී දිශාවකටයි. වංචා දුෂණවලට හවුල් වූ දුෂිතයින්ට දඬුවම් දීම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණා. නමුත් දුෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට, හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා වෙනුවට මේ ආණ්ඩුව දුෂිතයින්ගේ රැකවළුන් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වංචාවට දුෂණයට හවුල් වෙමින් තිබෙනවා. දුෂිතයින්ට දඬුවම් ලබාදීම, දුෂණය නතර කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබූ ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා අවසන් කළ කාල පරිච්ඡේදයක් බවට පසුගිය වසර දෙක පත්වෙලා තිබෙනවා.‘

Leave a Reply