අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි 175ක් පමණ සහ මිනිසුන් 70ක් 80ක් පමණ මිය යන බව නවතම වාර්තා පවසයි.
වසරකට මිය යන අලි 250න් 175ක් පමණම මිය යන්නේ මිනිසුන් අතිනි. වනාන්තර එලි කිරීමත් සමග සිය වාසභූමි අහිමි වීම නිසා අලි ගම වලට පැමිණෙන අතර එසේ පැමිණෙන අලි වගාවන් වනසමින්, දේපල වලට හානි කරමින්, මිනිස් ජීවිතද බිලි ගනිති.
පසුගිය අඟහරුවාදා මින්නේරියේ සමගිපුර අලි මිනිස් ගැටුමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක අලියකුගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වීමත් සමග මේ පිලිබඳ සාකච්ඡාව යලි පෙරට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය.මඩකලපුව දිස්ත්‍රික්කයට දෙවැනි ස්ථානය හිමි වන අතර, පොලොන්නරුව, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවලද ගැටුම බහුලව පවතී. අලින් සඳහා ප්‍රමාණවත් වාසස්ථාන ආරක්ෂා කිරීම, අලි මංකඩ ප්‍රමාණවත් තරම් ඇති කිරීම, අලින්ට වනාන්තරයක සිට තව එකකට මාරු වීමට වන කොරිඩෝර සකස් කිරීම, තර්ජනයට ලක්ව ඇති ගම්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම ආදිය මගින් අලි-මිනිස් ගැටුම සංසිඳවිය හැකිමුත් කිසිදු ආණ්ඩුවක් ඒ සඳහා විධිමත් සැලැස්මකට අනුව ක්‍රියාත්මක වී නැති බැවින් මිනිස් ජීවිත මෙන්ම වඳවීමේ තර්ජනයට ලක්වූ සතෙකු වන අලි ඇතුන්ගේ ජීවිතද අහිමි වෙමින් තින බව ජනරළ වාර්තා කරයි.
හර්ෂනී රාජකරුණා