මහ ඡන්දෙ නිසා උසස් පෙළ සිසුන්ට අසාධාරණයක්

school-exam

මහමැතිවරණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ කාලසටහන සුලු සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 17 වෙනිදා බැවින් අගෝස්තු මස 14 වෙනිදාත්, 21 වෙනිදාත් අතර කාලයේදී උසස් පෙළ විභාගය නොපවත්වන බව අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මස 07 වනදා සිට 13 වනදා දක්වා පලමු අදියර ලෙස පැවැත්වෙන අතර අනතුරුව දෙවන අදියර ලෙස අගෝස්තු මස 24 වනදා සිට සැප්තැම්බර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

කෙසෙ වෙතත් උසස් පෙළ විභාගය සඳහා මීට පෙර තීරණය කර තිබුණේ අගෝස්තු මස 04 වනදා අරම්භ වී අගෝස්තු මස 28 වනදා දක්වා පැවැත්වීමටයි.

මැතිවරණය අගෝස්තු මස 17 වනදා පැවැත්වීමට යෝජනා කර ඇති අතර එදින පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයයි.

මෙ නිසා සිසුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් බොහෝ සිසූහු දැඩි අප්‍රසාදය පලකරති.

Leave a Reply