1917 -2017 “ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස”

1917 වසරේ සිදුවූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස සමරනු ලබන්නේ උදා වූ 2017 වසරේදීය.

එවකට සාර් පාලනය යටතේ රුසියාව විසින් භාවිත කළ ජුලියානු දින දර්ශනයට අනුව 1917 ඔක්තෝබර් මසදී සිදුවූ මෙම විප්ලවය වර්තමානයේ අප විසින් භාවිත කරන ග්‍රිගෝරියානු දින දර්ශනයට අනුව යෙදෙන්නේ නොවැම්බර් මසදීය. එනිසා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමග දින දර්ශනය පිළිබද කතාවක් සම්බන්ධය. එහෙත් අප මේ කියන්නට යන්නේ වෙනත් දින දර්ශනයක් ගැනයි.

1917 -2017 “ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සියවස” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිනදර්ශනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔක්තෝබර් විප්ලවය හා සම්බන්ධ විවිධ වැදගත් දේශපාලන සිදුවීම් අතුරින් සිතුවමට නැගි අවස්ථා කීපයක් රැගත් මෙම වෛවර්ණ දින දර්ශනය මේ දිනවල ජනතාව අතරට රැගෙන යනු ලබයි.

එහි අඩංගු සිතුවම් විස්තරය මෙසේය.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නායකයන් අතර අවිවාදිත නායකයා ව්ලැදිමීර් ඉල්යීච් “ලෙනින්” 1920 මැයි 1 වැනිදා ජාතයන්තර කම්කරු දින වේදිකාවේ – චිත්‍ර ශිල්පියා – Isaac Brodsky

 

ලෙනින්, ෂුසෙන්ස්කය ගමේ කොසෑක්වරුන් සමග පිළිසදරක – චිත්‍ර ශිල්පියා – Samusev Afanasievich Fedor

1905 නැගිටීමේ අවස්ථාවක් (Krasnaya Presnaya Museum)

ලෙනින් සහ දරුවන් – චිත්‍ර ශිල්පියා -Alexey Varlamov

 

Save

Save

Save

Leave a Reply