පැරණි හමුදා මූලස්ථාන බිමෙන් මිනිස් ඇටකටු සොයාගනී!

රාජපක්ෂ ආන්ඩුව විසින් ෂැන්ග්‍රී ලා හෝටල් සංකීර්ණය සදහා පවරන ලද යුද හමුදා මූලස්ථාන භූමියේ මිනිස් අස්ථි කොටස් හමුවීමත් සමගතවත් මිනිස් සංහාරයක් හෙලිවෙමින් ඇතැයි කටකතා පැතිර යමින් තිබේ.

පසුගියදා මෙම හෝටල් වැඩ බිමේ බැකෝ යන්ත්‍රයක් මගීන් එම භූමිය හාරමින් සිටින විට මිනිස් අස්ථි කොටස් හමු විය. සුප්‍රකට ෂැංග්‍රිලා හෝටල් සමාගම විසින් ලංකාවේ ඉදිකෙරෙන හෝටල් භූමියේ තිබී පසුගියදා සොයා ගැනුණු මිනිස් අස්ථි කොටස්  මීට කලකට පෙර එම ස්ථානයේ වළදැමු මළසිරුරක කොටස් වශයෙන් අනුමාන කළ හැකි යැයි පොලිසිය කියයි. අධිආරක්ෂක කලාපයක්ව පැවති ආරක්ෂක අමාත්‍යංශය සතුව තිබූ මෙම භූමි භාගයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබීම නිසා මෙම අස්ථි කොටස් හමුවීම සම්බන්ධ විශේස අවධානයකට ලක් වේ.