කියුබාවට එරෙහි ඇමෙරිකානු ආර්ථික සම්බාධකවලට එරෙහි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට රටවල් 191ක් පක්ෂව ඡන්දය ප්‍රකාශකර ඇත.
1992 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේදී සෑම වසරක් පාසාම කියුබාවට එරෙහිව පනවා තිබෙන සම්භාධකවලට එරෙහිව යෝජනාව සම්මත වෙයි.
නමුත්ඊයේ පැවැති මෙම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට වෙනදා විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කරන එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මෙවර ඡන්දය විමසන අවස්ථාවේ මහා මණ්ඩලයේ රැදීනොසිටියේය.
මෙම තීරණය ගැනීමට පෙර එක්සත් ජනපදය විසින් සෑම මහා මණ්ඩල ඡන්ද විමසීමකදීම තම විරුද්ධත්වය ප්‍රකාශකර තිබුනි.
පසුගිය වසරේ සිට කියුබාව සමග ඇතිකරගත් ද්විපාර්ශවීය තානාපති සම්බන්ධතා වලින් පසුව එක්සත් ජනපදය මෙවර ආර්ථික සම්භාධකවලට එරෙහිව ඡන්දය පාවිචි කිරීමෙන් වැළකීසිටි අතර ඒ අනුව යමින් ඊශ්‍රායලයද මෙවර ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය.
වසර 1962 ඔක්තෝබර් මස 22 දින සිට මේ දක්වා කියුබාවට එරෙහිව එක්සත් ජනපදය විසින් ආර්ථික සම්භාධක පනවා තිබේ. මේ හේතුවෙන් කියුබාවට විශාල ආර්ථික අපහසුකම්වලට මුහුණදීමට දශක ගණනාවක් සිදුවිය.
නමුත් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ප්‍රථමවතාවට සිය ඡන්දයදීමෙන් වැළකීසිටීමට ගත් තීරණය ඔබාමා පරිපාලනයේ කියුබානු විදෙස් පිළිවෙතේ යම් තීරණාත්මක ඉමක් සටහන්වනු ඇත.