හිලරි ක්ලින්ටන් තුන්වන ලෝක යුද්ධයකට අරඅදී – ඩොනල්ඩ් ට්‍රරම්ප්

trampweb

හිලරි ක්ලින්ටන්ගේ විදෙස් ප්‍රතිපත්තිය ඇමෙරිකාව තුන්වන ලෝක යුද්ධයකට රැගෙනයාම බව ඩොන්ඩ් ට්‍රරම්ප් පවසයි.

පසුගියදා මියාමිහි පැවැති ජනාධිපතිවරණ රැස්වීමකදී ඔහු මෙසේ පවසා ඇත. සිරියාව සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ගේ වත්මන් ක්‍රියාමාර්ග වනුයේ සිරියාවට එරෙහි ගුවන් තහනම් කලාපයක් නිර්දේශ කිරීම මගින් රුසියාව සමග අනවශ්‍ය ගැටුමකට යොමුවිය හැකි බවයි.

 වත්මන් රිපබ්ලිකන් පාලනයේ විදෙස් ප්‍රතිපත්තිය සිරියානු අර්බූදයේදී තවත් ලෝක යුද්ධයක් ඇතිවිය හැකි ලෙස කටයුතු කරන බවත්, හිලරිගේ විදෙස් ප්‍රතිපත්තියද මෙයට වෙනස් නොවන බවත් ඇය වැඩ කරන ආකාරයෙන් හොදින් හදුනාගත හැකි බව ඩොනල්ඩ් ට්‍රර්ම් පවසා ඇත.

අයි.එස්. ත්‍රස්තවාදීන් විනාශ කිරීමට වඩා හිලරි ක්ලින්ටන්ට අවශය වන්නේ සිරියානු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීම බව සිරියානු මැදිහත්වීමෙන් හොදින්  වැටහෙන බව ඩොනල් ට්‍රර්ම්ප් එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

 මෙම චෝදනවලට පිළිතුරු වශයෙන් හිලරි ක්ලින්ටන් ප්‍රකාශකර ඇත්තේ ට්‍රරම්ප් ඇමෙරිකානුවන් බියට පත් කිරීමට කටයුතුකරගෙන යන බවයිඅ.

Leave a Reply