කෝටි 62,500ක අයවැය හිගයක්!

ravi-karunanayake

2017 වර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ‍ලේඛනය අනුව ලබන වසරේ අය-වැය හිඟය කෝටි 62,500ක් වනු ඇත.

මුදල් ඇමැති රවි කරුණානායකගේ අයවැය ඉදිරිපත් කිරීම් අනුව රජයේ ආදායම රුපියල් කෝටි 209,800 ක් වන අතර රජයේ වියදම රුපියල් කෝටි 272,300 ක් වේ. ආදායමන් රුපියල් කෝටි 182,100ක් බදුවලින් උපයාගන්නට ආණ්ඩුව සැලසුම්කර ඇත. එයින් භාණ්ඩ හා සේවා මත බදු මගින් උපයන්නට අපේක්ෂිත ආදායම රු. කෝටි 108,600කි. විදේශ වෙළෙදාම මත බදු අයකිරීමෙන් තවත් රු. කෝටි 40,000 උපයාගන්නට  නියමිතය. ආදායම් බදුවලින් සපයාගන්නට සැලසුම් කර ඇති ආදායම රු.කෝටි 33,500කි.

මෙහිදී උද්ගතවන අයවැය පරතරය වන රුපියල් කෝටි 62,500 පියවා ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අභියෝගයකි. මෙම හිගය පියැවීමට සඳහා රුපියල් කෝටි 27,200ක විදේශ ණය ගැනීම්ට සහ රුපියල් කෝටි 35,300ක දේශීය ණය ගැනීමට අපේක්ෂා කරන බව මුදල් ඇමතිවරයා පවසයි.

Leave a Reply