සෞදි සේවයේ නියුතු ඉන්දීය සේවකයින් දස දෙනෙකු පිලිස්සී මියයති

සෞදි අරාබියේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් එම නිවසසේ රැදීසිටි ඉන්දීය සේවකයින් 10 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක සේවකයින් වන මොවුන් නේවාසිකව රැදී සිටින ස්ථානය වන නිවසේ මෙම හදිසි ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නිවසේ පැවැති පැරණි වායු සමීකරණ යන්ත්‍රවල හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

සෞදි අරාබියේ ෆයිසාලියාෆ් නගරයේ ඊයේ සිදුවූ මෙම සිදුවීම ගැන ඉන්දීය ස්වදේශ කටයතු ඇමැතිනි සුස්මා ස්වරාජ් පවසා ඇත්තේ ජෙඩා නගරයේ ඇති ඉන්දීය කොන්සල් කාර්යාලය මගින් මෙම සිදුවීම පිළිබදව තොරතුරු වාර්තා වූ බවයි.

 සෞදි අරාබියේ විදෙස් සේවකයින් දශ ලක්ෂ නමයකට වැඩි ප්‍රමාණයක් සේවය කරනු ලබයි. ඒ අය අතරින් වැඩිම පිරිස අයත් වන්නේ දකුණු ආසියානු රටවල ආර්ථික අතින් දැඩි පීඩාවට පත්ව සිටින අයයි.

වසරකට විවිධ හේතු නිසා විදේශ කම්කරුවන් විශාල ප්‍රමාණයක් මියගිය බවද නමුත් එම මිය යන පුද්ගලයන්ට අදාල වන්දි මුදලක් පවා නිසි ලෙස නොලැබෙන බවද වාර්තාවේ.

Leave a Reply