தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
නිෂ්පාදකවරුන්ට බැණ තර්ජනය කිරීම ගැන රූපවාහිනි ලොක්කන් සමාව අයදී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිෂ්පාදකවරුන්ට බැණ තර්ජනය කිරීම ගැන රූපවාහිනි ලොක්කන් සමාව අයදී!



රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළ සිදුවීමක් පිළිබද නඩුවකින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ නියෝග අනුව මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු ම නිෂ්පාදකවරුන්ගෙන් සමාව ගනු ලැබීය.

රාජපක්ෂ පාලනය යටතේ 2010 වසරේ දී රූපවාහිනි සංස්ථාවේදී වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකු වු රවී අබේවික්‍රම, හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ යන තිදෙනාට බැන තර්ජනය කළැයි කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අනුව මෙලෙස ඔවුන්ගෙන් සමාව ගනු ලැබුවේ හිටපු සභාපති ආරිරත්න ඇතුගල, එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ සහ එවකට සහකාර ප්‍රවාහන නිලධාරී ටී.ජි. සෝමපාල යන නිලධාරින්ය.