Posted on 07.16.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් විරෝධයට එක් වූ කිසිදු බලවේගයක් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් නොකළ බවත් ආණ්ඩුව මේ පියවර ගැනීමෙන් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවත් රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ජනමාධය හමුවක් කැදවමින් එම ආචාර්ය සංගමය ප්‍රකාශ කලේ ආණ්ඩුව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමෙන් සිදු කරන්නේ විරෝධය දක්වන වෛද්‍ය ශිෂ්‍යයන්ට කනට ගැසීමක් බදු පියවරක් බවයි. හෙට(17) නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව සයිටම් විරෝධය අමතක කර කටයුතු කිරිමට උත්සාහ කලද එය සාර්ථක නොවන බව එම සංගමය පවසයි.
මෙහිදී අදහස් පළ කළ කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මහින්ද කෝම්වලගේ පැවසුවේ රෝගින් නැති රෝහලක් නඩත්තු කිරීම සදහා රජයට පවරා ගැනීම නෙවිල් ප්‍රනාන්දුගේ අවශ්‍යතාව ඉටු කිරීමක් බවයි. ඔහු කීවේ එය සුදු අලියෙක් පවරා ගන්නවා බදු දෙයක් බවයි. නෙවිල් ප්‍රනාන්දු රෝහලට කාර්ය මන්ඩල පත් කිරීම ඔවුන්ට වැටුප් ගෙවීම හා ආයතන නඩත්තුව වැනි අමතර ප්‍රහ්න ගණනාවකට රජය කරගසන්නේ සයිටම් අර්බුදයට විසදුම් දෙන්නට නොව නෙවිල් ප්‍රනාන්දුගේ ගැටලුව ලිහිල් කිරිමට බවත් පැහැදිලිය. දැනට එම රෝහලේ අධික ණය කන්දරාව ගෙවන්නට නෙවිල් ප්‍රනාන්දු කටයුතු කරන බවක් කීවද එහි සේවය කරන සුදුසුකම් නොමැති කාර්ය මණ්ඩලවල වගකීමද රජයට භාරගන්නට සිදුවන නිසා මෙය මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු නඩත්තු කිරිමක් බව ද ප්‍රකාශ විය.