தமிழ்
English
Contact
Friday 26th January 2018    
සෞඛ්‍ය ඇමති මෛත්‍රි විවෘත කළ රෝහල හරහා ජනාධිපති මෛත්‍රී සයිටම් නීතිගත කිරීම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය ඇමති මෛත්‍රි විවෘත කළ රෝහල හරහා ජනාධිපති මෛත්‍රී සයිටම් නීතිගත කිරීම!



සයිටම් ආයතනය පිළිබද විරෝධය සමාජයක් ලෙස ඉදිරියට ගෙන යද්දී ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස සයිටම් ආයතනයේ අංහයක් වන නෙවිල් ප්‍රනාන්දු රෝහල පමණක් ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බවට කැබිනට් තීරණයක් ලෙස නිවේදනය කර ඇත.

ආරම්භයේ සිටම සයිටම් ආයතනය නිතිගත කිරීමේ ක්‍රියාදාමය සිදුවූයේ වංචනික පියවර හරහාය. එහි සායනික පුහුණුවට සුදුසු ශික්ෂණ පිහිටුවීමේ අවශ්‍යතාව මත රෝහලක් නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කළේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේය. එවකට සෞඛ්‍ය ඇමැති ලෙස මෛත්‍රිපාලසිරිසේන එය විවෘත කර තිබෙන පසුබිමක ජනාධිපති මෛත්‍රිපාල කියන ආකාරයේ සියලු පාර්ශ්වයන්ට පිලිගත හැකි විසදුමක් යනු ප්‍රශ්නයකි. මේ වනවිට ශික්න රෝහලක් ලෙස පිලිගන්නට නොහැකි දුර්වල කක්වයක ඇති එම රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.ඉන්පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. එහි අවසාන දිශානතිය සයිටම් ආයතනයේ සියලු නීති විරෝධී තත්වයන් යටපත් කර දැමීම බව පැහැදිලිය.

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධව සියලු පාර්ශව වලට එකඟ විය හැකි විසඳුමක් ලබා දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලද එසේ සියල්ලටම පිළිගත හැකි යයි කියන යෝජනා මොනවාදැයි ආණ්ඩුවෙන් ප්‍රකාශ වී නැත. සියලු පාර්ශවවලට එකඟ විය හැකි විසඳුමක් ලබාදෙන්නට තමන් මැදිහත්වන බවට ජනාධිපතිවරයාද මින් පෙර ප්‍රකාශයක් සිදුකර තිබිනි. එහෙත් ඉන් පසුව සිදු වූයේ වෛද්‍ය සංගමය සමග පමණක් හොර රහසේ කළ සාකච්ඡාවකට පසුව වෛද්‍ය සංගමය හා ජනාධිපති ලේකම්වරයා වෙනස් ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමය. එම අර්බුදය අවසානයේ ඉල්ලා අස්විය. මෙම පසුබිම තුළ ජනාධිපතිවරයාට මෙම ගැටලුව විසදීමේ බලයක් හෝ අරමුණක් නොමැති බව තහවුරු වීමය.

සයිටම් ආයතනය සම්බන්ධ අරගලයට පසුගිය වසර දෙකක කාලය තල සාකච්ඡාමය ප්‍රෙව්ශයක් ආණ්ඩුවෙන් ලැබුනේ නැත. නමුත් ශිෂය අරගලයේ බලපෑමත් වෛද්‍ය සංගමයේ වැඩවර්ජනත් නිසා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සාකච්ඡා ප්‍රවේශයකට පැමිණ තිබේ. කෙසේ වෙතත් වෛද්‍ය අධ්‍යාපනය සහ සමස්තයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණය කිරීමේ ආණ්ඩුවේ අරමුනු ගැන විරෝධය දක්වන පාර්ශවයන් මෙම සාකච්ඡාවලට එක් කරගෙන නැත. එසේම මාළඹේ SAITM ආයතනය පූර්ණ වශයෙන් රජයට පවරා ගැනීම හෝ අහෝසි කර දැමීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ආණ්ඩුව පාර්ශවයෙන් මේ වනතෙක් ඉදිරිපත් වී නොමැති අතර ආණ්ඩුව ප්‍රකාශ කරන සියළු පාර්ශව සඳහා ඇතුලත් නොවන පාර්ශව පවතින බව පෙනෙන්නට තිබේ.

ඒ අනුව සයිටම් ආයතනය නීතිගතකිරීම පිළිබද ශිෂ්‍ය ප්‍රජාව හා මව්පියන්, විශ්ව විදයාල ආචාර්යවරු, වෛද්‍ය සංගමය, පමනක් නොව වෙනත් සමාජ බලවේග ගෙන ආ විරෝධය තුට්ටුවකට මායිම් කරන්නේ නැති බව ආණඩුව යළිත් සනාථ කර ඇත.