தமிழ்
English
Contact
Thursday 20th July 2017    
මිස්ටර් බීන් මිය ගිය බවට යළිත් බොරු කියති « Lanka Views | Views of the truth

මිස්ටර් බීන් මිය ගිය බවට යළිත් බොරු කියති




බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන රංගශිල්පී රෝවන් ඇට්කින්සන් රිය අනතුරකින් මිය ගිය බවට අසත්‍ය පුවතක් සංසරණය වෙමින් තිබේ.

ෆොක්ස් පුවත් සේවයේ නමින් ව්‍යාජ වෙබ් අඩවියක් මෙම පුවත ප්‍රචාරය කරන අතර එම වෙබ් අඩවියට පිවිස පුවත නැරඹීමෙන් වයිරස සක්‍රිය වන බවටද තොරතුරු ලැබී තිබේ. පසුගිය මාර්තු මසද මෙවැනිම පුවතක් ප්‍රචාරය කරමින් ඇතැම් ජනමාධ්‍ය අන්තර්ජාලයේ බාල අවධානයක් දිනාගන්නා ලදී. මෙම පුවත වැරදි ප්‍රචාරයක් බව නොදැන ඇතැම් ජනමාධ්‍යෙව්දින්ද එම පුවතට ප්‍රසිද්ධියක් ලබා දෙමින් තිබේ.

ජනප්‍රිය පුද්ගලයන් පමණක් නොව අපරාධයක ගොදුරක්, අසරණවුවෙක් වැනි ඕනෑම අයකු සිය ජනමාධ්‍ය ප්‍රචාරයට යොදාගන්නා වත්මන් ලෝකය තුළ එවැනි පුද්ගලයන්ගේ ජිවිත සමග මෙවැනි ක්‍රීඩා කරමින් සිදුකරන ජාවාරම සම්බන්ධව පිළිකුල ප්‍රකාශ කළ යුතුව ඇත.



Related News