සාමුහික ගිවිසුමට යෝජනා භාර දුන්නා – ලංකා වතු සේවා සංගමය

වතුකම්කරුවන් හා හාම්පුතුන් අතර අත්සන් කෙරෙන සාමුහික ගිවිසුමට යෝජනා හාම්පුතුන්ගේ සම්මේලනය වෙත බාර දුන් බව ලංකා වතු සේවා සංගමය පවසයි.
ලිපිකරු, සුපරීක්ෂක, සෞඛ්‍ය, කම්හල් හා තාක්ෂණ සහ නඩත්තු හා උපකාරක යන සේවා අංශ මෙසේ සාමුහික ගිවිසුම් ක්‍රමයට වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ වේ. වසර තුනක් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ අතර නව ගිවිසුම ඉදිරි වසර දෙකක් සඳහා අත්සන් තැබීමට නියමිතය. රටපුරා වැවිලි කේෂ්ත්‍රයේ සේවක වැටුප් හා සේවා කොන්දේසි තීරණය කරනුයේ හාම්පුතුන් හා සේවක දෙපාර්ශවය විසින් නිශ්චිත කාලයක් සදහා අත්සන් කරනු ලබන සාමූහික ගිවිසුම් වලිනි.