යාපනය දිස්ත්‍රික්කයේ රැකියාවිරහිත උපාධිධාරී තරුන තරුණියෝ සිය ගණනක් ඊයේ (3) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
හවුල් ආණ්ඩුව මැතිවරන වේදිකාවල දුන් පොරොන්දු ඉටුකරමින් සිය සුදුසුකම් මත රැකියා අවස්ථා හිමිකර දෙන ලෙස ඉල්ලමින් ඔවුහු මෙසේ විරෝධය ප්‍රකාශ කළහ. ඒකාබද්ධ රැකියා වරහිත උපාධිධාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝද යාපනය දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරි සංගමය සංවිධානය කළ එම විරෝධතාවට සහබාගී වූහ.


