සුරංග දේශප්‍රිය කටුගම්පළගේ For a Son (පුතෙකුට) චිත්‍රපටය මාර්තු 30 වැනිදා ඉතාලිය පුරා සෑම සිනමා හළකම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
සුරංග විසින් නිර්මාණය කළ ප්‍රථම සිනමා නිර්මාණය මෙසේ ඉතාලිය පුරා තිරගතවිමට නියමිතය. පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් For a Son සිනමා කෘතියට මේ තරුණ සිනමාකරුවාට හිමි විය. ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය. සුරංග දේශප්‍රිය කටුගම්පළ කුඩා කලදීම තම මාපියන් සමඟ ඉතාලියට සංක්‍රමණය වූ පසුව සිනමාකරනට යොමුවී ඇත.

Save