වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කරන මාලබේ ‘සයිටම්‘ ආයතනය සම්බන්ධ ගැටලු විශ්වවිදයාල ශිෂ්‍යයන්ගේ මවුපියන් සමග සාකච්චා කිරීමට අගෝස්තු 6-7 දෙදින දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කළ රැස්වීම් කඩාකප්පල් කිරීමේ අරමුණින් රාජ්‍ය බුද්ධි අංශ හා පොලිසිය යොදවා ඇත.
කෑගල්ල, මාතර, හම්බන්තොට ඇතලු දිස්ත්‍රික්ක කිහිපයකදී මෙම රැස්වීම් පැවැත්වීමට නියමිත ශාලාවල හිමිකරුවන්ට බලපෑම් කිරීම හා බියවැද්දීම සදහා පොල්සිය හා බුද්ධි අංශ සාමාජිකයන් යොදවා තිබුණු බවට අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි. කෙසේවෙතත් බාධා සියල්ල මැද එම දැනුවත්කිරීමේ රැස්වීම් සාර්ථකව පැවැත්වූ බව ‘ලංකාවීව්ස්‘ වෙත අදහස් ප්‍රකාහ කළ අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
‘සයිටම්‘ ආයතනය සම්බන්ධ ගැටලු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට ජනමාධ්‍ය අවස්ථා අහිමි කිරීමේ තත්වයක් තුළ අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය දිනවල සංවිධානය කළ දැනුවත්කිරිමේ වැඩසටහන්වලට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, මවුපියන් සම්බන්ධ විය. මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කිරීමට පෙළ ගැසෙමු! පාඨය මුලික කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇත. පසුගිය 04 වැනිදා දිවයිනේ දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි නගර 200ක පත්‍රිකා බෙදාහරින ලද අතර ඊට සමගාමීව විරෝධතා බැනර අත්සන් කිරීමද සිදු කෙරිනි.