විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීම, නවකවධය දීම යන අසත්‍ය චෝදනා යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 26 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
මෙම තත්වය සම්බන්ධව ශිෂ්‍ය හා ආචාර්ය විරෝධය මතුවන අතරම උණ රෝගය පැතිර යාම පදනම් කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලය ජුලි මස 20 වනදා දක්වා වසා දැමීමට පරිපාලනය තීරණය කර ඇත. මාස කිහිපයකට ඉහතදී කැලණිය විශ්වවිද්‍යාලයේ පානීය ජලයට බැක්ටීරියාවක් මිශ්‍ර වී ඇති බව පවසමින් විශ්වවිද්‍යාලය වසා දමා දින කිහිපයකට පසු අසත්‍ය නවකවද චෝදනා යටතේ ශිෂ්‍යාවන් 4 දෙනෙක් හා ශිෂ්‍යන් 5 දෙනෙක් සිරගත කරන ලද බව සබරගමු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.
අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව හා වෛද්‍ය උපාධිය මුදලට දෙන මාලබේ ආයතනයට එරෙහි අරගලය තීරණාත්මක වූ මොහොතක ශිෂ්‍ය නායකයන් සිරගත කරමින් ,බොරු නවකවද චෝදනා ගොනු කරමින් තිබීම පිළිබද එම ශිෂ්‍ය සංගමය ජනතාවගේ අවධානය යොමු කරවයි. අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටන් කරන බලවේග මර්දනය කරමින් රනිල් මෛත්‍රි ආණ්ඩුව සුදානම් වන්නේ ඔවුන්ගේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ කඩිනම් කරගැනීම සදහා වටපිටාව සකස් කර ගැනීමට බව ඔවුන් විසින් චෝදනා කරයි.