මියගිය උන් වෙනුවෙන් කතා නැති පාර්ලිමේන්තුව මර්දනය වෙනුවෙන් කැඳවනවා – රවීන්ද්‍ර මුදලිගේ

මීතොටමුල්ලේ ඛේදවාචකය නිසා මියගියවුන් වෙනුවෙන් නොකැඳවූ පාර්ලිමේන්තුව මර්දන නීති සම්මත කරන්න හදිසියේ කැඳවා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසුවේ කසළ බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් මහජන ආරක්ෂක පනත යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2017 අප්‍රේල් 20 දින නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (28) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය. එම ගැසට් නිවේදනයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා අද (28) දින විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවා තිබේ.