தமிழ்
English
Contact
Friday 26th January 2018    
ඇමෙරිකානු යුද නැව ගැටීමෙන් නාවික භටයන් 07ක් අතුරුදහන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමෙරිකානු යුද නැව ගැටීමෙන් නාවික භටයන් 07ක් අතුරුදහන්



ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. පිට්ස්ජෙරාල් ඩිස්ටෝයර් යුද නැව කන්ටේනර් රැගෙන යන වෙළද නැවක ගැටීමෙන් බරපල හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමෙන් එම යුද නැවේ සේවය කළ නාවික භටයන්  හත් දෙනෙකු අතුරුදහන්වී ඇති බවද වාර්තවේ. හානියට පත් ඇමෙරිකානු යුද නැව අති නවීන රේඩාර් උපකරණවලින්ද යුක්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර  ඇත. නැවේ කපිතාන්වරයා ඇතුළු තවත් නාවික නිළධාරීන් තිදෙනෙකු තුවාල ලබීම හේතුවෙන් ගුවන් මගින් ජපාන රෝහලක් වෙත රුගෙන ගොස් ඇත.

අති නවීන රේඩාර් පද්ධතියකින් සමන්විත මෙම යුද නැව ආසන්නයට විශාල වෙළද නැවක් ගැටීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂ අංශ විමතිය පළකර ඇත.

මන්ද මෙම ජපාල මුහුදු ප්‍රදේශය ආසන්නයේ උතුරැ කොරියානු නාවික කටයුතුද සිදුවන අතර යම් හෙයකින් මෙවැනි අනතුරකින් තම නාවික හමුදාවට බලවත් හානි කිරීමේ අස්ථාවක්ද ඇති විය හැකි බව එක්සත් ජනපද ආරක්ෂක අංශ විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.




Related News