වැට් බදු සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අගෝස්තු 11 වැනිදා ඊට විරෝධය පළ කරමින් රට පුරාම වෙළෙඳසැල් වසා දැමීමක් ක්‍රියාත්මක වන්නට නියමිතය.
වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් හරහා ක්‍රියාත්මක කරන්නට නියමිත වූයේ මැයි 2වැනිදා සිටය. එහෙත් එම බදු සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව බදු අයකිරීමට ආණ්ඩුවට සිදු විය. පවතින වැට් බදු ක්‍රමය සංශෝධනය සදහා ගෙන ආ පනත් කෙටුම්පතට විරෝධතා පැමිණි අතර එහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් ඉදිරිපත් කළ සංශෝධන සහිතව කටුම්පතක් 11වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය. මෙම පනත සම්මත කිරීමේදී දැනට වැට් බද්ද අය නොකෙරෙන ක්ෂේත‍්‍ර කිහිපයක් සඳහා එම බද්ද පුළුල් කිරීම සහ වැට් බද්දට යටත් වන ආදායම් සීමාව වෙනස් කිරීම ද සිදුවනු ඇත.