චීනයේ වඩාත් ලෝක ව්‍යාප්ත හා විවිධාංගිකරණය වූ බැංකුව ලෙස සැලකෙන Bank of China ඉදිවෙමින් පවතින වරාය නගරය සිය සිය දකුණු ආසියානු මූලස්ථානය සදහා තෝරාගෙන ඇත.
චීනයේ දෙවැනි ප්‍රධාන බැංකුව ලෙස මෙම රාජ්‍ය බැංකුව සිය මෙහෙයුම් කොළඹදී ආරම්භ කිරීමෙන් පසුව සමගම වරාය නගරයේ චීන මුල්‍ය කටයුතු මෙහෙයුම් ක්‍රියාවලියද ආරම්භ වනු ඇත. ඒ සමගම, සාගර සේද මාවත ව්‍යාපෘතියේ මුල්‍ය මෙහෙයුම් කටයුතු සදහා මෙම බැංකුව ක්‍රියාකාරී වනු ඇත. වරාය නගරයට අමතරව, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට කර්මාන්ත කලාපය, පොලොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය සහ ෂැන්ග්‍රි ලා හෝටල් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ගණනාවක් මෙම චීන බැංකුව හරහා මෙහෙයවන්නට නියමිතය.
1912 ආරම්භ කර දැනට ලෝකයේ පස්වැනි විශාලතම බැංකුව ලෙසත් හදුන්වනු ලබන මෙම බැංකුව ලෝකයේ රටවල් 40ක ව්‍යාප්ත වී ඇත. ආරම්භක අවස්ථාවේ කොළඹ නගරයේ පිහිටුවනු ලබන මෙම බැංකුව වරාය නගරය ඉදිකිරීමෙන් පසුව එහි ස්ථානගත කරන්නට අපේක්ෂා කරන බව චීන තානාපති කාර්යාලය පවසයි.