දුම්රිය රියදුරන් හා නියාමකවරුන් වර්ජනයට සැරසේ
Posted on 06.19.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වෙන බව දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සංගම් පවසයි.
බඳවා ගැනීම් සිදු කිරීම, උසස්වීම් ලබා දීම, වැටුප් විෂමතා අවම කිරීම ඇතුළු සිය ඉල්ලීම් ගණනාවකට පිළිතුරු ලබා දීමට මෙතෙක් බලධාරීන් අපොහොසත් වීම මත අදාළ ගැටළු වලට පිළිතුරු ලබා දෙන ලෙස බල කරමින් මෙම වැඩවර්ජනයේ නිරත වෙන බව එම සංගම් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.
Related News