தமிழ்
English
Contact
Monday 13th November 2017    
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමාපියන් විදී බසී « Lanka Views | Views of the truth

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමාපියන් විදී බසී



බලපිටිය රේවත විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(20) දින රේවතය සුරැකීමේ දෙමාපිය එකමුතුව විසින් එම ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ගෝෂණයක නිරත වන බව වාර්ථා වේ.

එම විද්‍යාලයේ මේ වන විට ගුරුවරුන් 37දෙනෙකුගේ හිඟයක් පවතින බවත් එවන් තත්වයක් තුළ පාසල පවත්වා ගෙන යාමේ ගැටලුකාරී තත්වයන් මතුවන බවත්, මෙම ගැටළු වලට හැකි ඉක්මන් පිළිතුරු ලබා දෙන ලෙසත් උද්ගොෂකයින් ප්‍රකාශ කරයි.

ඊයේ(19) දිනද එම විදුහල ඉදිරිපිටදී අදාළ ගැටලුවට විසදුම් ලබා දෙන ලෙස බලකරමින් මොවුන් උද්ගොෂණයේ නිරත විය.




Related News