ඇමෙරිකාවේ වසරකට ළමයි 1300ක් වෙඩි වැදීමෙන් මියයයි, තවත් 5800ට තුවාල
Posted on 06.20.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඇමෙරිකාවේ වසරකට වසය අවුරුදු 17 අඩු වයසේ ළමයි 1300ක් ගිනි අවි සම්බන්ධ සිදුවීම් හේතුවෙන් මියයන බව එරට අධ්‍යන වාර්තාවකින් හෙළිව තිබේ.
මෙම අධ්‍යන වාර්තාවට අනුව තවත් ළමයි 5800 කට වැඩි පිරිසක් ගිනි අවි පරිහණය හේතුවෙන් වසරක් තුල තුවාල ලබන බවද හෙළිව තිබේ. වයස අවුරුදු 17 යනු පාසල් යායුතු වසසේ පසුවන අයවේ. ඇමෙරිකාවේ මෙම තත්වය සංස්කෘතික වශයෙන් ලොවපුරා චිකාගෝ සංස්කෘතිය ලෙස හදුන්වයි.
එරට ගිනි අවි භාවිතයෙන් වැඩිහිටි පුද්ගලයින්ද වසරකට විශාල ලෙස ඝාතනයවේ. එරට මෙම ගිනි අවි භාවිතා කිරීමේ සංස්කෘතිය මැනව ඛේදවාචයක් බවට පත්ව තිබේ.මෙම තත්වයට එක් හේතුවක් වන්නේ කුඩා කාලයේදීම ගිනි අවි පරිහරණය කිරීමට එරට අඩු වයසේ පසුවන දරුවන් පෙළඹීම හේතුවෙනි.
මෙම සංඛ්‍යාෙවන් අඩකට වැඩි පිරිසක් මියයින්නේ වෙනත් අයෙකු විසින් කරන ලද වෙඩි තැබීම් හේතුවෙනි. තවත් 38%ක් පමණ සියදිවි නසා ගැනීම් වේ 2007 වසරේ සිට 2015 වසර දක්වා වන කාලය තුල මෙසේ සිය ිදවි නසා ගැනීම් ප්‍රමාණය 60%කින් ඉහළ ගොස් අති බවයි.
මෙම තත්වය දිගින් දිගටම පවතින බැවින් මේ භයානක තත්වය වෙන්ස කළ යුත් බවත්. රටක් ලෙස එම ව්‍යසනය මහත් පීඩාකාරී තත්වයක් බවට පත්ව ඇති බව අධ්‍යනය කළ ආයතනය හෙළි කර තිබේ. වසරක් පාසා 1300ක් මියයෑමෙන් හැගීයන්නේ දිනපතා ළමයින් අඩුම වශයෙන් හතර දෙනෙකු ගිනි අවි භාවිතා කිරීමේ හේතුවෙන් මියයන තත්වයක් ඇමෙරිකාවේ පවතින බවයි.
Related News