සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් රජයේ මිනින්දෝරු සංගමය අද(13) දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බව වාර්තා වේ.
පසුගිය 11,12 දිනයන්හි සංකේත වැඩවර්ජනයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම සංගමය මෙම තීරණය ගෙන ඇති අතර ඊයේ(12) දින ඉඩම් අමාත්‍යංශය ඉදිරිපිට උද්ගෝෂණයක් ද සංවිධානය කර තිබුණි.
ආශ්‍රිත පුවත්

